
සෞඛ්‍යය
ලිංගාශ්‍රිත රෝගීන් පිළිබඳ නවතම දත්ත අනාවරණය
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා විසින් පාර්ලිමේන්තුවේදී ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්,
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසා සිටියේ, ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන යටතේ දිවයින පුරා සායන 41ක් ක්‍රියාත්මක වන බවයි.
අද (05) දින පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මෙම තොරතුරු අනාවරණය කළේය.
එම සායන මඟින් මේ වන විට HIV/ඒඩ්ස් ආසාදිතයින් 4,771 දෙනෙකු, සිෆිලීස් රෝගීන් 1,469 දෙනෙකු සහ හර්පීස් රෝගීන් 2,891 දෙනෙකු ප්‍රතිකාර ලබාගනිමින් සිටින බවද ඔහු සඳහන් කළේය.
තවද, ඒඩ්ස් රෝගය වැළැක්වීම සඳහා භාවිතා කරන ඖෂධ පෙති 36,421ක් දැනට ගබඩා කර ඇති බවත්, එම ඖෂධ තොගය මාස හතරක කාලයකට ප්‍රමාණවත් බවත් සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.



