අද විශේෂ

පිහිණුම් තටාකයක ගිලී පුද්ගලයෙකු මරුට

අවිස්සාවේල්ල, පුවක්පිටිය ප්‍රදේශයේ පිහිටි හෝටලයක පිහිණුම් තටාකයකදී පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් ඇති බව පොලිස් මූලස්ථාන වාර්තා කරයි.

විමර්ශනවලින් අනාවරණය වූ පරිදි, මරණකරු තවත් පිරිසක් සමඟ විනෝද චාරිකාවක් සඳහා අවිස්සාවේල්ල ප්‍රදේශයට පැමිණ සිටියදී, එම හෝටලයේ පිහිණුම් තටාකයේ දිය නාමින් සිටින අතරතුර මෙම අනතුරට ලක්ව ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ මාලඹේ ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයෙකු බවට හඳුනාගෙන ඇත.

මෘත ශරීරය මේ වන විට අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවේල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button