
උණුසුම් පුවත්
බොරලැස්ගමුවේ වෙඩිතැබීමක් – ඉලක්කය වෙනුවට පියා ඝාතනය වෙයි
බොරලැස්ගමුවේ වෙඩිතැබීමකින් පියා ඝාතනය වෙයි
බොරලැස්ගමුව, මාලිනි බුලත්සිංහල මාවත ප්රදේශයේදී අද පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව බොරලැස්ගමුව පොලිසිය පවසයි.
පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති තොරතුරු අනුව, පාතාල කල්ලි දෙකක් අතර පවතින ගැටුමක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සිදුවන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
කෙසේවෙතත්, අදාළ පුද්ගලයා වෙනුවට ඔහුගේ 74 හැවිරිදි පියා වෙඩි ප්රහාරයට ලක්ව ඝාතනය වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වෙඩිතැබීම සිදුකළ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන සහ මෙහෙයුම් ආරම්භ කර තිබේ.
සිද්ධියට අදාළ තවත් තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය පරීක්ෂණ කිහිපයක්ද ක්රියාත්මක කර ඇති අතර, වැඩිදුර විමර්ශන බොරලැස්ගමුව පොලිසිය විසින් සිදුකරනු ලබයි.



