
අද මි.මී. 100ට වැඩි තද වැසි – පළාත් කිහිපයකට කාලගුණ අනතුරු ඇඟවීමක්
අද මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි බැවින් බස්නාහිර ඇතුළු පළාත් කිහිපයක ජනතාව අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකි ප්‍රදේශ
අද (07) දිනයේදී උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වීමේ හැකියාව පවතී. දිවයිනේ සෙසු ප්රදේශවලටද පස්වරු 1.00න් පසුව වැසි සහිත කාලගුණ තත්ත්වයක් බලපෑ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කර තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ප්‍රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.
ඉදිරි පැය 24 තුළ මුහුදු ප්‍රදේශවල කාලගුණය
දිවයින වටා පිහිටි මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද සඳහන් වේ.
එම මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමා එන අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර් 20ත් 30ත් අතර අගයක් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඒ අනුව දිවයින වටා මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් මඳ වශයෙන් රළු ස්වභාවයක් ගනු ඇත.
කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී පැයට කිලෝමීටර් 60ත් 70ත් අතර වේගයකින් තාවකාලික තද සුළං ඇති විය හැකි අතර, එම අවස්ථාවලදී මුහුදු ප්‍රදේශ ඉතා රළු තත්ත්වයට පත්විය හැකි බවද කාලගුණ අනාවැකියේ වැඩිදුරටත් සඳහන් වේ.



