
ප්‍රධාන පුවත්
ලංකා ලුණු සමාගමේ සාමාන්‍යාධිකාරී අල්ලස් චෝදනාවකට අත්අඩංගුවට
ලංකා ලුණු සමාගමේ වත්මන් සාමාන්‍යාධිකාරීවරයා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව ප්‍රති ඇණවුමක් මගින් හම්බන්තොට ලුණු සමාගම වෙත ලක් ලුණු ඇසුරුම් ලබා ගැනීම හරහා රජයට රුපියල් එක්කෝටි හතළිස් තුන් ලක්ෂයකට ආසන්න මුදලක පාඩුවක් සිදුව ඇති බවටද, සැපයුම්කාර සමාගමට අයුතු වාසියක් ලබාදී ඇති බවටද චෝදනා එල්ල වී ඇත.



