
ප්රධාන පුවත්
අද ප.ව 3 දක්වා වහල මත සවිකළ සූර්ය පැනල අක්රිය කරන්නැයි ඉල්ලීමක්
ජාතික විදුලිබල පද්ධතියේ ස්ථාවරත්වය සහ විශ්වසනීයත්වය පවත්වාගෙන යාමේ අරමුණින් වහල මත සවිකර ඇති සූර්ය පැනල අද (30) පස්වරු 3.00 දක්වා ක්රියාවිරහිත කරන ලෙස ජාතික පද්ධති ක්රියාකරු (පුද්ගලික) සමාගම සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලා තිබේ.
වෙසක් උත්සව සමයේ විදුලි ඉල්ලුම සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇති බැවින් ජාතික විදුලිබල පද්ධතියේ කාර්යක්ෂම හා ස්ථාවර ක්රියාකාරීත්වය තහවුරු කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව එම සමාගම සඳහන් කරයි.
ඒ අනුව, අදාළ කාලසීමාව තුළ සූර්ය පැනල පද්ධති තාවකාලිකව අක්රිය කර ජාතික විදුලිබල පද්ධතියේ කළමනාකරණයට සහාය වන ලෙස සූර්ය පැනල හිමියන්ගෙන් ඉල්ලීමක් කර ඇත.



