ප්‍රධාන පුවත්

ටොන් 25,000ක පොහොර නැවක් හෙට දිවයිනට – යල කන්නයට පොහොර ප්‍රමාණවත් බව රජය කියයි

ටොන් 25,000ක පොහොර රැගත් නැවක් හෙට (05) දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කරයි.

ඔහු පැවසුවේ, දැනට පවතින ගෝලීය තත්ත්වයන් හමුවේ මතුව ඇති පොහොර ගැටලුව රජය විසින් සාර්ථකව කළමනාකරණය කරමින් සිටින බවයි.

යල කන්නය ආරම්භ වන මෙම සමයේ ගොවි ජනතාව අතර පොහොර සම්බන්ධයෙන් කිසියම් ගැටලු මතුව තිබුණද, රට තුළ මඩ පොහොර සහ බණ්ඩි පොහොර අවශ්‍යතාවයට වඩා ප්‍රමාණවත් ලෙස පවතින බව ද ඔහු සඳහන් කළේය.

යුරියා පොහොර සම්බන්ධයෙන් සීමිත ගැටලුවක් පවතින නමුත්, දැනටමත් ටොන් ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් රට තුළ ගබඩා කර ඇති බවත්, වී වගාව සඳහා අවශ්‍ය වන ටොන් 80,000කට සමාන වශයෙන් එය ප්‍රමාණවත් බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැහැදිලි කළේය.

කෙසේ වෙතත්, අතුරු බෝග හා අතිරේක වගාවන් සඳහා තවදුරටත් පොහොර අවශ්‍යතාවයක් ඇති විය හැකි බැවින්, එය සපුරාලීම සඳහා මෙම ටොන් 25,000ක පොහොර නැව හෙට දිවයිනට පැමිණීමට සැලසුම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම, ඉදිරියේදී තවත් පොහොර නැව් ගෙන්වා ගැනීමටද ඇනවුම් කර ඇති බවත් ඔහු සඳහන් කළේය.

“යල කන්න නැවත ආරම්භ වෙමින් පවතිනවා. එතනදි පොහොර පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා තියෙනවා. මේ පවතින ලෝක යුද තත්ත්වයත් සමග. ඒ අනුව, අත්තටම අපි ගොවි ජනතාවට කියන්නේ අපිට පොහොරවල ලොකු ගැටලුවක් එන්නේ නෑ. අපිට මේක කලමනාකරණය කරගන්න පුළුවන්.රට තුළ මඩ පොහොර අපේ අවශ්‍යතාවය ඉක්මවා තියෙනවා. බණ්ඩි පොහොරත් අවශ්‍යතාවය ඉක්මවා රට තුළ තියෙනවා. යුරියාවල තමයි ප්‍රශ්නයක් එනවානම් එන්න තිබුණේ. හැබැයි යුරියා ටොන් ලක්ෂයක ප්‍රමාණයක් තියෙනවා. වී වාගවට අපට අවශ්‍ය වෙන්නේ ටොන් 80,000ක් විතර. අතුරු බෝග සහ අතිරේක බෝග එක්ක කල්පනා කරනකොට මේ පොහොර ප්‍රමාණය ඇත්තටම මදි වෙනවා. ඒ නිසා ඒකට විකල්පයක් විදිහට එන පස් වෙනිදා වෙනකොට අපිට තවත් ටොන් 25000ක පොහොර නැවක් එන්න නියමිතයි. ඇනවුම් කරපු තවත් පොහොර නැවක් ඊළඟ වටයකින් එන්න නියමිතයි.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button