
ප්‍රධාන පුවත්
යුරෝපීය මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක් – උද්ධමනය ඉහළ යාමේ අවධානමක්
ඉරානයට එරෙහිව දිගුකාලීන යුද තත්ත්වයක් පවතින්නේ නම් එය ගෝලීය ආර්ථිකයටත් විශේෂයෙන් යුරෝපීය කලාපයටත් දැඩි බලපෑම් එල්ල කළ හැකි බව European Central Bank සඳහන් කර තිබේ.
මැදපෙරදිග කලාපයෙන් තෙල් හා ගෑස් සැපයුම් අඛණ්ඩව පහත වැටීමක් සිදුවුවහොත්, උද්ධමනය ඉහළ යාමක් සමඟ යුරෝපීය කලාපයේ නිෂ්පාදන ක්ෂේත්රයද දැඩි පහත වැටීමකට ලක්විය හැකි බව එම බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Philip Lane ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මැදපෙරදිග කලාපයෙන් උද්ගත වන මෙම ආර්ථික කම්පනයේ ප්‍රමාණය ගැටුමේ පළල සහ එය දිග හැරෙන කාලසීමාව මත රඳා පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.
එබැවින්, දිගුකාලීන ගැටුමක් ගෝලීය බලශක්ති වෙළෙඳපොළට සහ යුරෝපීය ආර්ථික ස්ථාවරතාවයට බරපතළ ප්‍රතිවිපාක ගෙන ආ හැකි බව එම වාර්තාවලින් ඉඟි කරයි.



