
උණුසුම් පුවත්
පැය 24ක් තුළ අඩු පීඩන කලාපයක් ඇතිවීමේ අවදානමක්
පළාත් කිහිපයකට තද වැසි ඇතිවිය හැකියි
අඩු පීඩන කලාපයක් ඉදිරි පැය 24ක කාලය තුළ ශ්‍රී ලංකාව ආසන්නයේ වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවීමේ හැකියාව පවතී.
මෙම කාලගුණ පද්ධතියේ බලපෑම මත අද (21) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වය වැඩි විය හැකි බවද දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මෙන්ම අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්රදේශවලටද මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවට අනතුරු අඟවා තිබේ.
එබැවින් ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස මහජනතාවට දැනුම් දෙනු ලැබේ.



