
ප්‍රධාන පුවත්
රනිල්ගේ නඩුව නොවැම්බර් 11ට කල් යයි
රනිල්ගේ නඩුව නීතිපති උපදෙස් ලබාගැනීම සඳහා නොවැම්බර් 11 වැනිදා යළි කැඳවීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති නඩුකරය අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී කැඳවනු ලැබීය.
එහිදී අදාළ නඩු කටයුතු සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබාගැනීමට අවශ්‍ය බැවින් එය නොවැම්බර් 11 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළේය.
නඩුව අද කැඳවූ අවස්ථාවේදී සැකකරුවන් වන රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක යන මහත්වරුන් දෙදෙනාම අධිකරණය හමුවේ පෙනී සිටියහ.



