
ප්‍රධාන පුවත්
පොල්ගහවෙල පේරාදෙණිය අතර නව දුම්රියක්
පොල්ගහවෙල පේරාදෙණිය අතර නව දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. ඒ අනුව පාසල් සිසුන් ඇතුළු එම මාර්ගයේ දිනපතා ගමන් කරන මගීන්ට ලබන සඳුදා (12) සිට මෙම දුම්රිය සේවාව භාවිත කිරීමට අවස්ථාව සැලසෙනු ඇත.
පසුගිය දිට්වා සුළි කුණාටුවෙන් පසුව බාධා එල්ල වූ උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය පසුගිය 02 වැනිදා සිට යළි ආරම්භ කර තිබේ. මේ වන විට එම කොටසේ දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පොල්ගහවෙල සහ පේරාදෙණිය අතර ගමන් කරන පාසල් සිසුන්ට සහ අනෙකුත් මගීන්ට ප්‍රවාහන පහසුකම් සැලසීමේ අරමුණින් දිනපතා නව දුම්රියක් ධාවනයට එක් කිරීමට සැලසුම් කර ඇත.
අදාළ නව දුම්රිය ගමන්වාරයේ වේලාවන් පිළිබඳ විස්තර පහතින් දැක්වේ.




