කාලගුණය

අදත් ප්‍රදේශ රැසකට වැසි සහ ගිගුරුම් සහිත කාලගුණයක්

අද (19) දිනයේ බස්නාහිර, සබරගමුව හා වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත.

එසේම ඌව පළාතට අමතරව පොළොන්නරුව, මුලතිව්, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල අද පස්වරු 2.00ට පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වීමේ ඉඩකඩ පවතින බවද එම නිවේදනයේ දැක්වේ.

ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං හා අකුණු ඇතිවිය හැකි බැවින් ජනතාව අවශ්‍ය ආරක්ෂක පියවර අනුගමනය කර අනතුරු අවම කරගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button