උණුසුම් පුවත්

රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ අල්ලස් චෝදනා මත අත්අඩංගුවට

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත්‍රයා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ හොරණ සමගි ජන බලවේග ආසන සංවිධායක චරිත් අබේසිංහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා” සම්බන්ධයෙන් අල්ලස් ලබාගැනීමේ චෝදනා මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

විමර්ශන අනුව, 2023 වසරේ ඩුබායිහිදී හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්තිගෙන් රුපියල් කෝටි 50ක මුදලක් ඉල්ලා ඇති අතර, පසුව එය රුපියල් කෝටි 20 දක්වා අඩු කර එම මුදලින් රුපියල් කෝටි 12ක අත්තිකාරම් මුදලක් ලබාගෙන ඇති බවට චෝදනා එල්ල වී ඇත.

එම මුදල් ඉල්ලා ඇත්තේ හරක් කටාට එරෙහිව ක්‍රියාත්මක වූ රැඳවුම් නියෝග ඉවත් කර ගැනීම, ඔහු වෙනත් බන්ධනාගාරයකට මාරු කරවා ගැනීම සහ විමර්ශන කටයුතුවලින් සහන සැලසීම සඳහා බවද අනාවරණය වී තිබේ.

මෙම සිද්ධියට අදාළව, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා ශ්‍රී ලංකා සමාගමේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වූ වරුෂ හැන්නදිගේ අරුණ ශ්‍රී චතුරංග ද අල්ලස් චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button