
Binance සයිබර් ප්රහාරයෙන් පසු පරිශීලකයින් ඩොලර් බිලියන 3.64ක වත්කම් ආපසු ගනී
Binance සයිබර් ප්රහාරයෙන් පසු පරිශීලකයින් රැසක් සිය ගිණුම්වල තිබූ වත්කම් ආපසු ලබා ගැනීමට කටයුතු කර තිබේ.
Binance සයිබර් ප්රහාරයෙන් පසු මුදල් ආපසු ගැනීම් යළිත් සක්රීය වෙයි
ලොව ප්රමුඛතම ක්රිප්ටෝ මුදල් හුවමාරු වේදිකාවක් වන Binance සමාගම සිය X ගිණුම ඔස්සේ ප්රකාශ කර ඇත්තේ, මේ වන විට පරිශීලකයින් විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 3.64ක වටිනාකමකින් යුත් වත්කම් ආපසු ලබාගෙන ඇති බවයි.
මීට පෙර එම සමාගමට එල්ල වූ දැවැන්ත සයිබර් ප්රහාරය හේතුවෙන් ඩොලර් බිලියන 6.3ක මුදලක් සොරකම් කර තිබූ අතර, ඉන් සියයට 95ක ප්රමාණයක් නැවත ආවරණය කර ගැනීමට Binance ආයතනය සමත්ව තිබේ.
අදාළ ප්රහාරයෙන් අනතුරුව ආරක්ෂක පියවරක් ලෙස සමාගම සියලුම ගනුදෙනු තාවකාලිකව නතර කළ අතර, පරිශීලකයින්ට මුදල් ආපසු ලබාගැනීමේ පහසුකමද අත්හිටුවීමට පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත්, ඊයේ (01) දිනයේ සිට අදියර කිහිපයක් යටතේ මුදල් ආපසු ලබාගැනීමේ පහසුකම් යළි සක්රීය කිරීමට සමාගම කටයුතු කර ඇත.
Binance සමාගම වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, එහි පළමු අදියර යටතේ ඩොලර් බිලියන 4.649ක වත්කම් වේදිකාවෙන් පිටතට ගොස් ඇති අතර, එම කාලය තුළ ඩොලර් බිලියන 1.01ක නව තැන්පතු ද ලැබී ඇති බවයි.



