විදෙස්

ඉරානයෙන් මැදපෙරදිග අමෙරිකානු කඳවුරු පිහිටි රටවල් කිහිපයකට මිසයිල ප්‍රහාර

ඊශ්‍රායලය හා අමෙරිකාව එක්ව ඉරානයට එල්ල කළ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස, ඉරානය මැදපෙරදිග කලාපයේ අමෙරිකානු හමුදා කඳවුරු පිහිටි රටවල් කිහිපයක් ඉලක්ක කර ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පළමුව ඉරානය විසින් මනමා නගරයට ප්‍රහාරයක් එල්ල කර ඇති බව සඳහන් වේ. එම නගරය බහරේන් හි අගනුවර වන අතර, එහි අමෙරිකානු හමුදා ස්ථාන පිහිටා ඇත.

ඉන් අනතුරුව අබුඩාබි නගරයද ඉලක්ක කර ප්‍රහාරයක් දියත් කර ඇති බව වාර්තා වේ. එය  එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (UAE) හි අගනුවර වේ.

තවද කුවේට් සහ කවුදි අරාබිය වෙතද ප්‍රහාර එල්ල කර ඇති බව සඳහන් වේ.

ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කටාර්, කුවේට්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය මේ වනවිට සිය ගුවන් කලාප තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button