
මාස 6කදී මත්ද්‍රව්‍ය වැටලීම්වලින් ලක්ෂයකට වැඩි පිරිසක් අත්අඩංගුවට
“රටම එකට” ජාතික මෙහෙයුම යටතේ පසුගිය මාස 06ක කාලය තුළ දිවයින පුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය වැටලීම්වලින් පුද්ගලයන් 163,197 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.
එම මෙහෙයුම් 2025 ඔක්තෝබර් මාසයේ සිට 2026 අප්‍රේල් දක්වා ක්‍රියාත්මක කර ඇති අතර, සැකකරුවන් 2,719 දෙනෙකුට එරෙහිව රැඳවුම් නියෝග ලබාගෙන ඇති බවද පොලිසිය සඳහන් කළේය.
මීට අමතරව, අත්අඩංගුවට ගත් පුද්ගලයන් 289 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් පිළිබඳ විමර්ශන ආරම්භ කර ඇති බවද වාර්තා වේ.
මෙම කාලසීමාව තුළ සිදුකළ වැටලීම්වලදී හෙරොයින් කිලෝග්‍රෑම් 1,932ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1,985ක් සහ කොකේන් කිලෝග්‍රෑම් 271ක් පොලිස් භාරයට ගෙන තිබේ.
ඊට අමතරව ගංජා, ගංජා පැල, කුෂ්, හෂීෂ්, මත්පෙති, මදනමෝදක සහ මාවා ඇතුළු තවත් මත්ද්‍රව්‍ය වර්ග රැසක්ද මෙහෙයුම් අතරතුර සොයාගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.



