ක්‍රීඩා

ශ්‍රී ලංකාවට ලකුණු 20ක විශිෂ්ට ජයක්

අද පැවති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ආරම්භක දිනයේම විශිෂ්ට ජයක් ලබාගනිමින් අයර්ලන්තයට එරෙහිව අද (8) රාත්‍රියේ අවසන් වූ තරගයෙන් ලකුණු 20ක  ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ශ්‍රී ලංකා කණ්ඩායම ලබාදුන් ලකුණු 164ක ඉලක්කයට පිළිතුරු ලෙස අයර්ලන්තයට පන්දුවාර 19.5කදී සියලු දෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143ක් පමණි.

මෙම ජයත් විස්සයි20 තරග බිමේ අයර්ලන්තයට එරෙහි අපරාජිත බව තවදුරටත් රැකගැනීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button