ප්‍රධාන පුවත්

කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක් පවතින බැවින් ඉදිරි පැය 24 තුළ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

කළු ගඟ ආශ්‍රිතව සුළු ගංවතුර අවදානමක් – දිස්ත්‍රික්ක දෙකක පහත්බිම් ජනතාවට දැනුම්දීමක්

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කළු ගඟ ද්‍රෝණියේ ඇතැම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ හැකියාව පවතින බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ පැල්මඩුල්ල, නිවිතිගල, රත්නපුර, කුරුවිට, අයගම සහ ඇලපාත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙම අවදානම බලපෑ හැකිය.

එසේම කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය, හොරණ, දොඩන්ගොඩ, මිල්ලනිය, බුලත්සිංහල, මදුරාවල සහ පාලින්දනුවර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල කළු ගඟේ පිටාර තැන්නට අයත් පහත්බිම් ප්‍රදේශවල ද සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම තත්ත්වය සම්බන්ධයෙන් අවදානමට ලක්විය හැකි ප්‍රදේශවල පදිංචිකරුවන් විමසිලිමත්ව සිටින ලෙස දැනුම් දී තිබේ. එමෙන්ම අදාළ ප්‍රදේශ හරහා ගමන් කරන මාර්ග භාවිත කරන රියදුරන් ද විශේෂ අවධානයකින් කටයුතු කළ යුතු බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button