
විදෙස්
ඕමානයේ මසන්දම් වෙරළට ආසන්නයෙන් තෙල් නෞකාවකට ප්‍රහාරයක් – 4 දෙනෙකු තුවාල
ඕමානයේ මසන්දම් වෙරළට නාවික සැතපුම් 5ක් පමණ දුරින් ගමන් කරමින් තිබූ තෙල් නෞකාවක් වෙත ප්‍රහාරයක් එල්ල වී ඇති බව Oman Maritime Security Centre නිවේදනය කර තිබේ.
CNN වාර්තා කළේ එම සිද්ධියෙන් පුද්ගලයින් හතර දෙනෙකු තුවාල ලැබූ බවයි. නෞකාවේ සිටි 20 දෙනෙකුගෙන් යුත් සමස්ත කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කර ඇති බවද සඳහන් වේ.
‘ස්කයිලයිට්’ නමින් හැඳින්වූ මෙම නෞකාව, බටහිර පැසිෆික් සාගරයේ පිහිටි කුඩා දූපත් රාජ්‍යයක් වන Palau හි ජාතික ධජය යටතේ සංචාරය කරමින් සිටි බව වාර්තා වේ.
සිද්ධියෙන් අනතුරුව Royal Navy of Oman සහ එරට ආරක්ෂක අංශ විසින් ගලවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
ඉරානය සහ එක්සත් ජනපදය අතර නව න්‍යෂ්ටික ගිවිසුමක් පිළිබඳ මෑතකාලීන සාකච්ඡා සඳහා මැදිහත්කාර රාජ්‍යයක් ලෙස ඕමානය කටයුතු කර තිබූ පසුබිමක මෙම ප්‍රහාරය වාර්තා වීම විශේෂ අවධානයට ලක්ව තිබේ.



