
කාලගුණයේ වෙනසක් අද පස්වරුවේ ප්‍රදේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි
අද (29) දිනයේ පවතින උණුසුම් කාලගුණයට සුළු වෙනසක් ඇති කරමින් පස්වරුවේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන් සබරගමුව පළාතට අමතරව කොළඹ, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක මෙම වැසි තත්ත්වය දක්නට ලැබිය හැකි බව සඳහන්ය.
එම දෙපාර්තමේන්තුව අනුව අද දින පස්වරු 2න් පසුව මෙම වැසි තත්ත්වය ක්‍රියාත්මක විය හැකි අතර, එය කෙටි කාලීන වුවත් සමහර ස්ථානවල ගිගුරුම් සහිත වැසි ලෙස පවතිනු ඇත.
මේ අතර දිවයිනේ අනෙකුත් බොහෝ ප්‍රදේශවලට වියළි සහ උණුසුම් කාලගුණික තත්ත්වයක් දිගටම පවතිනු ඇතැයි ද සඳහන් කරයි.
එමෙන්ම බස්නාහිර, මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ද ඇතිවිය හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.



