
දරුණු හිම කුණාටුවෙන් නිව්යෝර්ක් නගරය සම්පූර්ණයෙන් වසා දැමෙ
ඇමෙරිකාවේ New York City නගරයට බලපා ඇති දරුණු හිම කුණාටු තත්ත්වය හේතුවෙන් පෙබරවාරි 22 රාත්‍රී 9.00 සිට නගරය සම්පූර්ණයෙන් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
ඉතා භයානක කාලගුණ තත්ත්වය හේතුවෙන් සියලු අධිවේගී මාර්ග, දුම්රිය සේවා සහ පොදු ප්‍රවාහන කටයුතු අත්හිටුවා ඇත. බස් රථ සේවා හා ගුවන් ගමන් ද සම්පූර්ණයෙන් නතර කර ඇති බව වාර්තා වේ.
මෙම හිම කුණාටුව සඳුදා පස්වරුව දක්වාම පවතිනු ඇතැයි කාලගුණ අංශ අනාවැකි පළ කරයි. අනතුරු අවම කිරීම සඳහා අත්‍යවශ්‍ය සේවා හැර පාසල් සහ රාජ්‍ය-පෞද්ගලික ආයතනවලට නිවාඩු ලබා දී තිබේ.
එමෙන්ම ආරක්ෂක, ආපදා සහ අත්‍යවශ්‍ය සේවා වාහන හැර අනෙකුත් වාහන මහ මාර්ගවල ධාවනය කිරීම තහනම් කර ඇත.
Zohran Mamdani නගරාධිපතිවරයා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් නගර වැසියන්ගෙන් ඉල්ලා සිටියේ අත්‍යවශ්‍ය නොවන සියලු ගමන් නතර කර නිවෙස්වල රැඳී සිටින ලෙසයි.
මෙම හිම පතනය පොළොව මට්ටමේ සිට අඩි දෙකක් පමණ ඉහළට පැතිර යා හැකි බවත්, මෙවැනි තත්ත්වයක් වසර ගණනාවකට පසු දක්නට ලැබෙන බවත් එරට කාලගුණ අංශ සඳහන් කර තිබේ.



