අද විශේෂ

බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ උතුම් බක් පෝය අදයි

මහා කාරුණික ලොව්තුරා බුදුරජාණන් වහන්සේ අප රටට සාමයේ පණිවිඩය ලබාදුන් දින වශයෙන් බක් පොහොය ශ්‍රී ලාංකික ජනතාවට ඓතිහාසික වශයෙන් වැදගත් පොහොය දිනයකි.

 

 ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය සිදුව ඇත්තේ අද වැනි පොහොය දිනයක වීම විශේෂත්වයකි.

 

චූලෝදර – මහෝදර නා රජුන් අතර මැණික් පුටුවක් හේතුවෙන් ඇතිවන්නට ගිය ගැටුම නිරාකරණය කිරීමේ අරමුණ ඇතිව බුදුරදුන්ගේ දෙවැනි ලංකා ගමනය සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

 

එමෙන්ම සිදුහත් කුමරු සතර පෙර නිමිතිවලින් පළමු පෙර නිමිත්ත වූ මහල්ලාගේ රුව දැක තිබුණේ ද බක්පුර පසළොස්වක පොහෝ දිනක බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.

 

එෆ්.එම්. දෙරණ අසපුව බක් පුර පසළොස්වක 131 වන පොහොය දින වැඩසටහන වත්තල හැඳල පුරාණ රජමහා විහාරයේදී අද දවස පුරා පැවැත්වේ. 

 

බක් මාසය භාග්‍යවන්ත මාසයක් ලෙස ප්‍රකටය. කෙත්වතුවල අස්වනු නෙළා ගන්නා වූ, මලින් ඵලින් ගස් බරවූ මාසයක් ලෙස බක් මාසය හැඳින්වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button