
ප්‍රධාන පුවත්
GMOA වර්ජනය අද පෙරවරු 8 සිට යළි ආරම්භ වෙයි – දීපව්‍යාප්ත වෛද්‍ය වර්ජනයක්
අද (04) පෙරවරු 8.00 සිට යළිත් වරක් දීපව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ප්‍රකාශ කළේය. එම වර්ජනය අවසන් කරන දිනය හා කාලසීමාව සම්බන්ධයෙන් අද පැවැත්වෙන මධ්‍යම කාරක සභා රැස්වීමේදී අවසන් තීරණයක් ගන්නා බවද සඳහන් කර ඇත.
GMOA සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා පවසා ඇත්තේ, වෛද්‍යවරුන්ගේ ස්ථාන මාරුවීම් ක්‍රියාවලිය දේශපාලනීකරණය කිරීමට එරෙහිව මෙම වර්ජන ක්‍රියාමාර්ගය ගනු ලැබූ බවයි. එම ගැටලුව සම්බන්ධයෙන් මෙම සතිය තුළ අවස්ථා දෙකකදීද සංගමය වැඩ වර්ජන ක්‍රියාමාර්ගයන්ට පිවිසී තිබේ.
තවද, තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන්ට බලධාරීන් විසින් ලබාදී ඇති සෘණාත්මක ප්‍රතිචාර හේතුවෙන් මෙලෙස නැවත වර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.



