
මැදපෙරදිග යුද තත්ත්වයෙන් පසු පළමු බොරතෙල් නෞකාව හෙට ලංකාවට – 97,500 MT සමඟ පැමිණේ
ලෝකයේ උණුසුම් වන භූ-දේශපාලන තත්ත්වයන් අතර, බලශක්ති සැපයුම තහවුරු කිරීම ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය කරුණක් වී තිබේ.
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වූ පසු ශ්‍රී ලංකාවට පැමිණෙන පළමු බොරතෙල් නෞකාව හෙට (17) දිනයේ දිවයිනට ළඟා වීමට නියමිත බව ලංකා ඛනිජතෙල් තොග ගබඩා පර්යන්ත සමාගම නිවේදනය කරයි.
එම සමාගමේ කළමනාකරණ අධ්යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර මහතා අනුව, මෙම නෞකාව මඟින් මෙට්‍රික් ටොන් 97,500ක බොරතෙල් ප්‍රමාණයක් මෙරටට ගෙන එන බව සඳහන් වේ.
තවද, මේ මාසයේ අවසානයට පෙර තවත් බොරතෙල් නෞකාවක්ද ශ්‍රී ලංකාවට පැමිණීමට සැලසුම් කර ඇති බවද ඔහු පැවසීය.
“යුද තත්ත්වයෙන් පස්සේ ලංකාට එන බොර තෙල් නෞකාව ලංකාවට ලඟා වෙනවා මෙට්‍රික් ටොන් 97,500ක් සමඟ. ඒ වගේම තවත් නෞකාවක් මෙමස අග එන්න නියමිව තිබෙනවා. එවගේම අමෙරිකාවේ සිට එන WTI නෞකාව, නැව්ගත කරමින් තිබෙනවා. අද දිනයේදී වගේ යාත්‍රා කිරීමට පටන්ගනියි ලංකාව බලා. ඒ අනුව මෙතෙක් කල් ලංකා ඛනිජතෙල් සංස්ථාවට ගැටලුවක්ව තිබූ බොර තෙල් සැපයුම තහවුරු කර ගැනීම ප්‍රශ්නයත් මේ වන විට අවසන් වෙලා තියෙනවා.”



