
යුද්ධ සහ ගැටුම්
ඊශ්‍රායල හමුදාවට ක්ෂමා ආයතනයෙන් චෝදනා – යුද අපරාධ විමර්ශන ඉල්ලීමක්
දකුණු ලෙබනනයේ සූර්ය පැනල සහ අනෙකුත් සිවිල් යටිතල පහසුකම් විනාශ කළ බවට ඊශ්‍රායල හමුදාවට එරෙහිව ජාත්‍යන්තර ක්ෂමා ආයතනය (Amnesty International) චෝදනා එල්ල කර තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා අනුව, ඊශ්‍රායල හමුදාව සූර්ය පැනල විනාශ කරන අයුරු සහ සිවිල් දේපළ ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන ජාත්‍යන්තර ක්ෂමා ආයතනය විසින් ප්‍රසිද්ධියට පත්කර ඇත.
ඒ සම්බන්ධයෙන් X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් Amnesty International සහ Human Rights Watch සඳහන් කර ඇත්තේ, මෙම සිදුවීම් යුද අපරාධ චෝදනා යටතේ විමර්ශනයට ලක්කළ හැකි බවයි.
එමෙන්ම, දකුණු ලෙබනනයේ සිවිල් දේපළ හා යටිතල පහසුකම් නීති විරෝධී ලෙස විනාශ කිරීම වහාම නතර කළ යුතු බවද එම සංවිධාන අවධාරණය කර තිබේ.



