ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දීය ධීවරයින් 25ක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකා මුහුදු සීමාව අනවසරයෙන් උල්ලංඝනය කරමින් ධීවර කටයුතුවල නිරතව සිටි ඉන්දීය ධීවරයින් 25 දෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කන්කසන්තුරය මුහුදු ප්‍රදේශයේ සිදුකළ සෝදිසි සහ නිරීක්ෂණ මෙහෙයුමකදී මෙම පිරිස හඳුනාගෙන ඇති අතර, ඔවුන් සමඟ ධීවර යාත්‍රා දෙකක් ද නාවික හමුදා භාරයට ගත් බව වාර්තා වේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් සහ යාත්‍රා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කන්කසන්තුරය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී ඇතැයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් මහතා සඳහන් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ නීතිමය පියවර ඉදිරියටත් ක්‍රියාත්මක කිරීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button