ප්‍රධාන පුවත්

ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස්ගෙන් ආරක්ෂක ලේකම්ට සමුදීමේ හමුවක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය තාන්ත්‍රික සේවා කාලය අවසන් කර මෙරටින් පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහකොමසාරිස් ආචාර්ය සත්‍යාන්ජල් පාණ්ඩේ මහතා අද (09) ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා හමුවී තිබේ.

සමුගැනීමේ අරමුණින් පැවති එම නිල හමුවේදී ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දිගුකාලීන මිත්‍රශීලී සහ සහයෝගීතා සබඳතා පිළිබඳව දෙපාර්ශවය අතර අදහස් හුවමාරුවක් සිදුව ඇත.

එම අවස්ථාවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කිරීම සඳහා ආචාර්ය පාණ්ඩේ මහතා සිය ධූර කාලය තුළ ලබාදුන් දායකත්වය ආරක්ෂක ලේකම්වරයාගේ ඇගයීමට ලක්ව තිබේ.

තවද, ඉදිරි රාජකාරී සහ පෞද්ගලික කටයුතු සඳහා ඔහුට සුබපැතුම් එක් කිරීමටද ආරක්ෂක ලේකම්වරයා කටයුතු කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button