Tech

Siri AI ප්‍රමාදයට Apple වෙතින් ඩොලර් මිලියන 250ක වන්දි

Siri හඬ සහායකයට අදාළ AI යාවත්කාලීන නිකුත් කිරීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක් සමථයකට පත් කිරීමට Apple සමාගම අමෙරිකානු ඩොලර් මිලියන 250ක වන්දියක් ගෙවීමට එකඟ වී තිබේ.

2024 වසරේදී කැලිෆෝනියා ෆෙඩරල් අධිකරණයේ ගොනු කළ මෙම නඩුවේදී චෝදනා කර තිබුණේ, වාර්ෂික සංවර්ධක සමුළුවේදී ප්‍රකාශයට පත් කළ AI පහසුකම් නව iPhone දුරකථන සමඟ නියමිත වේලාවට ලබා නොදුන් බවයි.

Apple සමාගම එම AI විශේෂාංග පිළිබඳ විශාල ප්‍රචාරණයක් සිදු කළද, දුරකථන වෙළෙඳපොළට නිකුත් කළ අවස්ථාවේදී ඒවා සම්පූර්ණයෙන් ඇතුළත් නොවූ බව කොටස් හිමියන් පෙන්වා දී ඇත.

පසුව 2025දී සමාගම නිවේදනය කළේ Siri AI නවීකරණය 2026 දක්වා ප්‍රමාද වන බවය. කෙසේ වෙතත් ලබන මාසයේ පැවැත්වෙන සංවර්ධක සමුළුවේදී නව AI විශේෂාංග ප්‍රදර්ශනය කරන බව සමාගම් විධායකයින් සඳහන් කර තිබේ.

මෙම බේරුම්කරණය යටතේ Apple සමාගම වරදක් පිළිගෙන නොමැති අතර, එකඟතාවයට අධිකරණ අනුමැතිය තවදුරටත් අවශ්‍ය වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button