ක්‍රීඩා

ලොවම බලා සිටි විස්සයි20 ලෝක කුසලාන අවසාන මහා තරගයේ නවසීලන්තයට ලකුණු 256 ඉලක්කයක්

පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ පලමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කන්ඩායම පන්දු  වාර 20ක් තුල කඩුලු 5ක් දැවී ලකුණු 255 යි

තරගය අහ්මදාබාද්හිදී පැවැත්වූ අතර, එහිදී ඉන්දියාව රැස්කළ ලකුණු සංඛ්‍යාව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයකදී කණ්ඩායමක් ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සැලකෙයි.
නවසීලන්ත පන්දු යවන්නන්ට එරෙහිව දැඩි ආරම්භයක් ලබාගත් ඉන්දීය පිතිහරඹයේ, ආරම්භක පිතිකරුවන් වූ සංජු සැම්සන් සහ අභිෂේක් ශර්මා පළමු කඩුල්ල සඳහා පන්දුවාර 7.1කදී ලකුණු 98ක සබඳතාවක් ගොඩනගා ගත්හ.
අභිෂේක් ශර්මා දැවී යාමත් සමග එම සබඳතාව අවසන් වුවද, එය ඉන්දීය ලකුණු පුවරුවට විශේෂ බලපෑමක් ඇති කළේ නැත.
ඉන් අනතුරුව දෙවන කඩුල්ල සඳහා එක්වූ ඉෂන් ක්‍රිෂාන් සහ සංජු සැම්සන් පන්දු 48කින් ලකුණු 105ක සබඳතාවක් ගොඩනගා ගත්හ. ඔවුන්ගේ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් තරගයේ 16වන පන්දුවාරය ආරම්භ වන විටම ඉන්දීය ලකුණු පුවරුව ලකුණු 200 සීමාවද ඉක්මවා ගියේය.
කෙසේ වෙතත් එම පන්දුවාරයේදී සැම්සන් (15.1), ක්‍රිෂාන් (15.5) සහ නායක සූර්යකුමාර් (15.6) යන පිතිකරුවන් දැවී යාමත් සමග ඉන්දීය ඉනිමේ ප්‍රවේගකාරීත්වය යම් පාලනයකට ලක්විය.
එහෙත් අවසන් පන්දුවාරයේ ශිවාම් ඩූබේ දියත් කළ ප්‍රහාරාත්මක පිතිහරඹය හේතුවෙන් ඉන්දීය ඉනිම ලකුණු 255ක් දක්වා ඉහළට රැගෙන යාමට ඔවුන් සමත් විය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button