සෞඛ්‍යය

හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යාංශයට

හොරණ දිස්ත්‍රික් මහ රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සඳහා වන ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මේ වන විට බස්නාහිර පළාත් සභාව යටතේ පරිපාලනය වන මෙම රෝහල ඇඳන් 544ක ධාරිතාවකින් සහ අනුමත සේවක මණ්ඩලය 739කින් ක්‍රියාත්මක වේ.

හොරණ නගරය කේන්ද්‍ර කරගෙන කළුතර, කොළඹ සහ රත්නපුර දිස්ත්‍රික්කවල අවට ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය සේවා සපයන මෙම රෝහලෙන් ආසන්න වශයෙන් ලක්ෂ 10ක ජනතාවක් ප්‍රතිලාභ ලබන බව සඳහන් වේ.

තෘතීයික සත්කාර සේවා තවදුරටත් පුළුල් කිරීම, අවශ්‍ය පහසුකම් සංවර්ධනය කිරීම සහ මානව සම්පත ශක්තිමත් කිරීමේ අරමුණින් රෝහල සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීම සුදුසු බව හඳුනාගෙන තිබුණි.

ඒ සඳහා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ එකඟතාව ලැබී ඇති අතර, පසුගිය ජුනි 30 දින අමාත්‍ය මණ්ඩලය විසින්ද අදාළ යෝජනාවට අනුමැතිය ලබාදී තිබේ.

එම අනුමැතිය මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයාගේ මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිරීක්ෂණ හා නිර්දේශවලට යටත්ව ලබාදී ඇති බව ද සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button