
භාණ්ඩාගාර නිලධාරි මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක පරීක්ෂණයක්?
මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශ්වයකට පත්වූ බව කියන සිද්ධියට අදාළව වැඩතහනමට ලක්ව සිටි මුදල් අමාත්‍යාංශයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ මරණය සම්බන්ධයෙන් මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් (Psychological Autopsy) සිදුකළ යුතු බව දිනන දකුණ සංවිධානයේ සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, අදාළ මුදල් සිද්ධිය මාස 4ක කාලයක් වසන් කර තිබීම සම්බන්ධයෙන් බරපතළ සැකයක් මතුව ඇති බවයි. ඒ හේතුවෙන් ජනාධිපතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මේ පිළිබඳ වැඩිදුර විමර්ශනයක් ලෙස Psychological Autopsy පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඉල්ලීමක් කර ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.
“භාණ්ඩාගාර නිලධාරියාගේ මියයෑම සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරී කණ්ඩායමක් ඊයේ නිල වශයෙන් කියලා තියෙනවා මේක, සියදිවි නසා ගැනීමක් කියලා. අපි දන්නවා ලංකාවේ කුප්ප්රකට ඉතිහාසයක් තියෙනවා සියදිවි නසා ගැනීම් වේවා, මරණයන් ගැන වේවා අධිකරණ වෛද්‍ය නිලධාරී වාර්තා පිළිබඳව ලංකාවේ ඉතිහාසය. තාජුඩීන් මරණ සම්බන්ධයෙනුත් නිල අධිකරණ වෛද්‍ය වාර්තා ආවා. නමුත් පස්සේ අපිට දැනගන්න ලැබුණා, ඒ නිල අධිකරණ වෛද්‍ය වාර්තා කියන තරම් නිවැරදි නොවන බව. ලංකාවේ ජනාධිපතිවරයාගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගෙන් ඉල්ලන්නේ හදිසි මරණ වෛද්‍ය පරීක්ෂණ වාර්තාව හොඳයි. නමුත් වෛද්‍ය විද්‍යාව තුළ තව පියවරක් තියෙනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න. මේ සම්බන්ධයෙන් මනෝ විද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්න කියලා අපි කියනවා.”
ශිරාල් ලක්තිලක මහතා පැහැදිලි කළේ, Psychological Autopsy යනු මරණයට පෙර සිදුවූ මානසික හා සමාජීය පසුබිම විශ්ලේෂණය කරමින් සියදිවි නසාගැනීමට හේතු වූ කරුණු සොයා බලන ක්‍රමවේදයක් බවයි.
“මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කියලා කියන්නේ කරුණු තුනක්. ඒ තුළින් සොයා බලනවා සියදිවි නසා ගැනීමට හේතුව කුමක් ද? ඒ හේතුවට බලපාපු ඔහුගේ චිත්තය කුමක් ද ? ඒ වගේම ඒ මරණය සිදුවු ආකාරය කුමක් ද ? මරණයට මෙපිටින් කලින් සිදුවු සිදුවීම් සොයා බලන්න ඕනේ. ඇයි අපි මනෝවිද්‍යාත්මක මරණ පරීක්ෂණයක් කරන්න කියලා කියන්නේ, හර්ෂ ද සිල්වා මහත්තයා කියන විදියට මේක හොරකමක්. අපි දකිනවා මුදල් ලේකම්තුමා මාස 4ක් තිස්සේ මේක වසන් කළා. ඒ වසන් කිරීම තුළ අපිට සැකයක් තියෙනවා. මේ තුළ බරපතළ මියගිය නිලධාරියාගේ ක්‍රියාකාරීත්වයෙන් එපිටට යන ක්රියාකාරීත්වයක් තිබුණා කියලා. එතකොට කලින් කියපු චිත්තය වැදගත් වෙනවා. මේක මගේ අත්වැරදීමක් නොවෙයි කියන පදනමින් තමයි අපිට කියන්න වෙන්නේ මේ සියදිවි නසා ගැනීම සිදුවුණේ. නව වතාවක් ඒක කරන්නට ඒක අත්වැරදීමක් නොවෙනවා නම් අත්වැරදීම නොඑන හේතුව අපි හොයා ගන්න ඕනේ. කවුද ඔහුට ඒ හේතුව හදලා දුන්නේ ?”
මේ අතර, මියගිය රංග නිශාන්ත රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ කුලියාපිටිය පහළ වීරඹුව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.
පසුගියදා ඔහු සිය නිවසේ ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් සිටියදී සොයාගත් අතර, පාදයක සහ අතක කැපුම් තුවාල කිහිපයක්ද දක්නට ලැබුණු බව පොලීසිය සඳහන් කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය කුලියාපිටිය ශික්ෂණ රෝහලේදී සිදුකර ඇති අතර, අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සිව් දෙනෙකුගෙන් සමන්විත මණ්ඩලයක්ද ඒ සඳහා පත්කර තිබුණි. එහිදී අනාවරණය වී ඇත්තේ තුවාල හේතුවෙන් සිදුවූ සියදිවි නසාගැනීමක් බවයි.



