
අනතුරුදායක රියැදුරන්ට එරෙහිව දැඩි පියවර
අනතුරුදායක රියැදුරන් සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කර තිබේ. මාර්ග නීති උල්ලංඝනය කරමින් හෝ අනතුරුදායක ආකාරයෙන් රිය ධාවනය කරන රියැදුරන් පිළිබඳ වීඩියෝ දර්ශන ලබාදෙන ලෙස මෙහිදී දැනුම් දී ඇත.
විශේෂයෙන් අධික වේගයෙන් රිය ධාවනය කිරීම, මාර්ගය මැද වාහන නතර කිරීම, අනෙකුත් වාහනවලට ඉස්සර කිරීමට ඉඩ නොදීම සහ තරඟකාරී ලෙස රිය ධාවනය කිරීම වැනි ක්‍රියා සම්බන්ධයෙන් ජනතාවට තොරතුරු ලබාදිය හැකිය.
එවැනි සිදුවීම් වීඩියෝගත කර 070 47 55 600 යන WhatsApp දුරකථන අංකයට යොමු කරන ලෙස ඉල්ලා ඇති අතර, එම තොරතුරු මත අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවද දැනුම් දී තිබේ.
මේ වනවිටත් ඇතැම් රියැදුරන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන්ගේ රියැදුරු බලපත්‍ර අත්හිටුවීමටද කටයුතු කර ඇති බව සඳහන් වේ.
එමෙන්ම ඇතැම් කොන්දොස්තරවරුන් සම්බන්ධයෙන්ද මෙවැනි තත්ත්වයන් පවතින බවත්, විශේෂයෙන් හයිලෙවල් මාර්ගය, මොරටුව–කොළඹ මාර්ගය ඇතුළු ප්‍රධාන මාර්ග රැසක මෙවැනි සිදුවීම් දක්නට ලැබෙන බවත් පෙන්වා දී තිබේ.
මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට හෝ බීමත්ව සිටින බවට සැකසහිත රියැදුරන් මෙන්ම, ප්‍රධාන මාර්ගවල අවිනීත හා අනතුරුදායක ලෙස රිය ධාවනය කරන පුද්ගලයින් පිළිබඳවද වහාම තොරතුරු ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා ඇත.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් මෙලෙස ප්‍රකාශ කර තිබේ.
“අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරලා ඒ රියැදුරුන්ගේ බලපත්‍ර අත්හිටුවන්න කටයුතු කරලා තියෙනවා. තවත් බොහෝමයක් කොන්දොස්තරවරුත් මේ තත්වයට පත්වෙලා තියෙනවා. විශේෂයෙන්ම හයිලෙවල් රෝඩ් එකේ, මොරටුව කොළඹ පාර සහ අනෙකුත් සියලුම ප්‍රධාන මාර්ගවලත් මේ තත්වය තියෙනවා. විශේෂයෙන්ම අපි නැවත වතාවක් ජනතාවට කියන්න තියෙන පණිවිඩය තමයි, යම්කිසි බස් රථ රියැදුරෙක් අධික වේගයෙන් යනවා නම්, පාර මැද නවත්වනවා නම්, අනෙකුත් වාහනවලට ඉස්සර කරන්න දෙන්නේ නැත්නම්, තරඟයට යනවා නම්, අපි හඳුන්වා දීපු WhatsApp දුරකථන අංකය වන 070 47 55 600ට වීඩියෝ ගත කරලා එවන්න. අපි අනිවාර්යයෙන්ම ඇක්ෂන් ගන්නවා. විශේෂයෙන්ම අපි ජනතාවට කියන්නේ එවැනි නොහික්මුණු රියැදුරෙක්, මත්ද්‍රව්‍ය භාවිතා කර බවට සැකසහිත රියැදුරෙක්, බීමත්කම සම්බන්ධයෙන් සැකසහිත රියැදුරෙක්, අවිනීත ලෙස ප්‍රධාන මාර්ගයේ ගමන් කරනවා නම් අපිට වහාම ඒ සම්බන්ධයෙන් වීඩියෝ ගත කරලා තොරතුරු ලබා දෙන්න. අපි ඒ සම්බන්ධයෙන් අනිවාර්යයෙන් ක්‍රියාත්මක වන බවට දැනුම් දෙනවා.”



