කාලගුණය

අදත් ප්‍රදේශ රැසකට මි.මී. 75ක තද වැසි අපේක්ෂිතයි

අද (06) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද අලුයම නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර හා නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇදහැලීමේ හැකියාව පවතී.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු හා උතුරු-මැද පළාත් සහ හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමනු ඇතැයි ද අපේක්ෂා කෙරේ.

සෙසු ප්‍රදේශවල ද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර වේගයකින් තරමක තද සුළං ඇතිවිය හැකි බව සඳහන්ය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි අකුණු සහ හදිසි තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button