
අවුරුදු උත්සව සඳහා විදුලිය ලබාදීමට විදුලිබල මණ්ඩලය සූදානම් – අප්‍රේල් 15 සිට 19 දක්වා විශේෂ පහසුකම්
එළැඹෙන සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් රට පුරා සංවිධානය කෙරෙන අවුරුදු උත්සව සහ විවිධ ජනහමු සඳහා අවශ්‍ය විදුලිය සැපයීමට විදුලිබල මණ්ඩලය සූදානම් බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.
අද (07) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, එම උත්සව සඳහා විදුලිය ලබා ගැනීමට අවශ්‍ය ගෙවීම් සිදු කිරීමේ ක්‍රමවේද මේ වන විට සකස් කර ඇති බවයි.
ඒ අනුව, අප්‍රේල් මස 15 වැනිදා සිට 19 වැනිදා දක්වා කාලය තුළ අදාළ ගෙවීම් සිදුකර, අවුරුදු උත්සව සඳහා විදුලි සැපයුම ලබාගැනීමේ හැකියාව පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
“විවිධ අවුරුදු උත්සව සහ සංගීත වැඩසටහන් තියෙනවා ඉතිං ඒ සඳහා විදුලිය අපි අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕනේ අවුරුදු සමයේ ඒ උත්සව සඳහා විදුලිය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා ඒ නිසා 15 වැනිදා සිට 19 දක්වා අවුරුදු උත්සය සඳහා විදුලිබල මණ්ඩලයෙන් අවශ්‍ය නම් ගෙවීම් කරලා විදුලිය ලබා ගන්න පහසුකම් ලබා දෙනවා”



