ප්‍රධාන පුවත්

පළමු ඩිජිටල් ජාතික හැඳුනුම්පත මේ වසරේ

දැනට නිකුත් කර ඇති සියලුම ජාතික හැඳුනුම්පත් වෙනුවට ඉදිරි වසර කිහිපය තුළ ඩිජිටල් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා පවසයි.

ඩිජිටල්කරණ ක්‍රියාවලියේ කොටසක් ලෙස මේ වසරේ ඉදිරි මාස කිහිපය තුළ පළමු ඩිජිටල් හැඳුනුම්පත නිකුත් කිරීමට පියවර ගන්නා බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා,

“ඩිජිටල් ආර්ථිකය කියන එකට අපි ලොකු ප්‍රවණතාවයක් දීලා තියෙනවා. ඒක මේ අවුරුද්ද ඇතුළත පළවෙනි ඩිජිටල් ID එක නිකුත් කරන තැනට අපි යනවා. ඒ් වගේම ලබන අවුරුද්දේ අවසාන වෙන්න ඉස්සල්ලා අගෝස්තු වගේ වෙනකොට සම්පූර්ණ ඩිජිටල් ID එක දෙන්න බලාපොරොත්තු වෙනවා. එතනින් අවුරුදු 2ක් වගේ කාලයක් ඇතුළත අපි බලාපොරොත්තු වෙනවා මුළු රටේම පරණ ID වෙනුවට ඩිජිටල් පද්ධතියට හැම මිලියන 17ක් වන පිරිසම ගේන්න”

යනුවෙන් පැවසීය.

ඒ අනුව, ලබන වසරේ අවසානයට පෙර, අගෝස්තු මාසය පමණ වන විට සම්පූර්ණ ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිය හඳුන්වාදීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දී ඇත.

එමෙන්ම, ඉන් අනතුරුව වසර දෙකක පමණ කාලයක් තුළ රටේ මිලියන 17කට ආසන්න ජනතාවක් දැනට භාවිත කරන පැරණි හැඳුනුම්පත් වෙනුවට ඩිජිටල් පද්ධතියට ඇතුළත් කිරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button