
ICC Men’s T20 World Cup: ශ්‍රී ලංකාවට ජය සඳහා ලකුණු 182ක ඉලක්කයක්
විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (16) පැවැත්වෙන ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ගැටුමේදී, ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ඔස්ට්‍රේලියා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ සියල්ලන් දැවී ලකුණු 181ක් රැස් කළේය. ඒ අනුව තරගය ජයගැනීමට ශ්‍රී ලංකාවට ලකුණු 182ක් අවශ්‍ය වේ.
කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුව පන්දු රැකීමට තීරණය කළ අතර, පිටියට පිවිසි ඔස්ට්‍රේලියා නායක මිචෙල් මාෂ් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 27කින් ලකුණු 54ක් ලබා ගත්තේය. ඔහුට හොඳ සහය ලබාදුන් ට්‍රැවිස් හෙඩ් පන්දු 29කදී ලකුණු 56ක් රැස් කළේය.
පන්දු යැවීමේදී දුෂාන් හේමන්ත ලකුණු 37කට කඩුළු 3ක් ද, දුෂ්මන්ත චමීර ලකුණු 36කට කඩුළු 2ක් ද ලබා ගනිමින් කැපී පෙනුණි. එමෙන්ම තරගයේ අතරවාරයේදී ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ ආබාධයකට ලක්වීමත් කණ්ඩායමට අභියෝගයක් විය.
මෙම තරගය ජයගැනීමට ශ්‍රී ලංකාව සමත් වුවහොත්, බී කාණ්ඩයෙන් සුපිරි අට දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට ඔවුන්ට හැකි වේ. මේ වනවිට ප්‍රසාද ලකුණු සටහනේ එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව ඇති අතර, ඔස්ට්‍රේලියාව තෙවන ස්ථානයේ පසුවෙයි. සුපිරි අට දෙනා අතරට පැමිණීමට ඔස්ට්‍රේලියාවට මෙම තරගයේ ජය අනිවාර්ය වේ.
තරගය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය හිදී පැවැත්වේ. ඔස්ට්‍රේලියා කණ්ඩායම මෙහෙයවන්නේ මිචෙල් මාෂ් ය.



