ප්‍රධාන පුවත්

බ්‍රිතාන්‍ය ගුවන් සමාගමෙන් ශ්‍රී ලංකාවට යළි සෘජු ගුවන් ගමන්

එළැඹෙන ශීත සෘතුව ඉලක්ක කරමින් බ්‍රිතාන්‍ය ගුවන් සමාගමක් ශ්‍රී ලංකාව සමඟ යළි සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නිවේදනය කර ඇත.

ඒ අනුව 2026 ඔක්තෝබර් 23 දින සිට ලන්ඩන් ගැට්වික් ගුවන්තොටුපොළෙන් ශ්‍රී ලංකාව බලා සතියකට තුන් වතාවක් සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මෙම ගුවන් ගමන් සඳහා ටිකට්පත් අලෙවිය මාර්තු 17 දින සිට ආරම්භ වී ඇත.

දැනට ශ්‍රී ලංකාවෙන් ලන්ඩන් බලා සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ශ්‍රීලන්කන් ගුවන් සමාගම පමණක් වන අතර, මෙම නව සේවාව එයට අමතර විකල්පයක් ලෙස සැලකේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button