
ප්‍රධාන පුවත්
: රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබ පැතුම්
රුමේෂ් තරංගට ජනපතිගෙන් සුබ පැතුම් එක්කර තිබේ.
2026 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රන් පදක්කම දිනාගත් ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගගේ ජයග්‍රහණය අගයමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් පළ කළේය.
සිය සමාජ මාධ්‍ය සටහනේ ජනාධිපතිවරයා මෙසේ සඳහන් කර තිබේ.
“පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ඔබේ රන් පදක්කම අපට සැබෑ කරවන්නේ රට දකින ස්වර්ණමය සිහිනයයි”
“රුමේෂ් තරංග ඔබට සුබ පැතුම්!”
ස්කොට්ලන්තයේ ස්කොට්ස්ටවුන් ක්‍රීඩාංගණයේදී අද (01) ශ්‍රී ලංකා වේලාවෙන් අවසන් වූ මෙම තරගයේදී රුමේෂ් තරංග මීටර් 89.75ක විශිෂ්ට දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම හිමිකර ගත්තේය.



