ප්‍රධාන පුවත්

සතොස වෙළෙඳසැල් 31ක් වසා දමලා

මාස 22ක කාලයක් තුළ දිවයින පුරා සතොස වෙළෙඳසැල් 31ක් පමණ වසා දමා ඇති බව අද (08) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආර්. එම්. ජයවර්ධන මහතා සඳහන් කළේ, 2024 ජනවාරි සිට 2025 ඔක්තෝබර් දක්වා කාලය තුළ එම වෙළෙඳසැල් වසා දමා ඇති බවයි.

මන්ත්‍රී චානක මාදුගොඩ මහතා පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

සතොස ශාඛා 424ක් තවදුරටත් ක්‍රියාත්මකයි

කෙසේ වෙතත්, මෙම වසරේ අගෝස්තු 17 වනදා වනවිට දිවයින පුරා සතොස වෙළෙඳසැල් 424ක් පවතින බවද නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

එමෙන්ම වත්මන් ආණ්ඩුව බලයට පත්වන අවස්ථාව වනවිට සතොස ආයතනය රුපියල් බිලියන 24ක පාඩුවක් වාර්තා කර තිබූ බවද ඔහු පෙන්වා දුන්නේය.

ණය සහ බැංකු අයිරාවක්

එම කාලය වනවිට සතොස ජාලය සතුව රුපියල් බිලියන 11ක ණය මුදලක් පැවති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඊට අමතරව රුපියල් බිලියන 5ක බැංකු අයිරාවක්ද සතොස ආයතනය සතුව පැවති බව ආර්. එම්. ජයවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button