ප්‍රධාන පුවත්

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම් කඩිනම් කර හිඟ මුදල් ලබාදීමටත් පියවර

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම් කඩිනම් කරමින් හිඟ විශ්‍රාම වැටුප් මුදල් ද ගෙවීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.

ගොවි විශ්‍රාම වැටුප් ගෙවීම් වේගවත් කර හිඟ වාරිකත් ගෙවයි

ඒ අනුව, වයස අවුරුදු 60 සම්පූර්ණ කළ ගොවීන් 170,950 දෙනෙකු සඳහා තැපැල් කාර්යාල 3,975ක් ඔස්සේ මාසිකව රුපියල් මිලියන 415කට අධික මුදලක් විශ්‍රාම වැටුප් වශයෙන් ගෙවනු ලබයි.

නව රජය බලයට පත්වීමෙන් අනතුරුව ලබාදුන් උපදෙස් අනුව, 2024 වසරට පෙර සිට පැවති විශාල ගොවි විශ්‍රාම වැටුප් අයදුම්පත් ප්‍රමාණයක කටයුතු මේ වනවිට අවසන් කර තිබේ.

එමෙන්ම, අඩුපාඩු නොමැතිව ඉදිරිපත් කර ඇති අයදුම්පත් සඳහා මාසයක් ඇතුළත විශ්‍රාම වැටුප් ගෙවීම ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බව ද සඳහන් වේ.

නිසි පරිදි වාරික ගෙවා නොමැති නමුත් සිය දායකත්වයෙන් සියයට 25කට වැඩි ප්‍රමාණයක් ගෙවා ඇති දායකයන් වෙනුවෙන් ශුද්ධ වාරික සකස් කිරීමේ ක්‍රියාවලිය ද ආරම්භ කර ඇත.

තවද, 2014 ජනවාරි 01 වනදා සිට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ ගොවීන්ට තාවකාලිකව නතර කර තිබූ හිඟ විශ්‍රාම වැටුප් ගෙවීමේ වැඩපිළිවෙළ යළි ක්‍රියාත්මක කිරීමට වත්මන් රජය පියවර ගෙන තිබේ.

මහා භාණ්ඩාගාරය මගින් වෙන් කරනු ලබන ප්‍රතිපාදනවලට අනුව අදාළ හිඟ විශ්‍රාම වැටුප් වාරික ගෙවීමට කටයුතු කරන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button