කාලගුණය

දිස්ත්‍රික්ක 07කට ප්‍රබල අකුණු අවදානමක් ගැන අනතුරු ඇඟවීමක්

ප්‍රබල අකුණු අවදානම සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිස්ත්‍රික්ක කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙස දැනුම් දී තිබේ.

අද (20) පෙරවරු 11.30ට නිකුත් කළ මෙම අවවාදාත්මක නිවේදනය හෙට (21) අලුයම 1.30 දක්වා බලාත්මක වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම, සබරගමුව, උතුරු මැද, නැගෙනහිර, උතුරු, ඌව සහ දකුණු පළාත්වලට මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික්කයට ද මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.

එම ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී ප්‍රබල අකුණු සමඟ තාවකාලික තද සුළං ඇතිවීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ග ගන්නා ලෙස ද ජනතාවට දැනුම් දී තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button