
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් අද අධිකරණයට
ඥානසාර හිමියන් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
අධිකරණය මගින් විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබියදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඊයේ (03) රාත්‍රියේ තිනියාවල ප්‍රදේශයේ ආරණ්‍ය සේනාසනයකදී අත්අඩංගුවට ගනු ලැබීය.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් සිර දඬුවම් නියමව සිටින උන්වහන්සේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය පසුගියදා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබුණි.
එමෙන්ම ඥානසාර හිමියන්ට විදේශගත වීම වැළැක්වීම සඳහා විදේශ ගමන් තහනමක්ද අභියාචනාධිකරණය විසින් පනවා තිබේ.
අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඥානසාර හිමියන් ඊයේ රාත්‍රියේම කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත රැගෙන ඒමට පොලීසිය කටයුතු කර ඇත.
අද දිනයේදී උන්වහන්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වේ.



