
ඩොලර් මිලියන 2.5 ගනුදෙනුව ගැන COPF අවධානය
රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) අද (08) පස්වරු 3.00ට පමණ පාර්ලිමේන්තු සංකීර්ණයේදී එහි සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්විය.
මෙම රැස්වීමේදී මහා භාණ්ඩාගාරය විසින් තෙවන පාර්ශ්වයක් වෙත ගෙවා ඇති බව සඳහන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල සම්බන්ධයෙන් මුදල් ලේකම්වරයා ඉදිරිපත් කළ වාර්තාව පිළිබඳව විශේෂ අවධානය යොමු කර ඇති බව වාර්තා වේ.
අදාළ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කිරීම් ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියපෙරුම මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද කාරක සභාව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බව සඳහන්ය.
මහා භාණ්ඩාගාරයට අයත් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් තෙවන පාර්ශ්වයක් වෙත යොමු වූ බවට වාර්තා වූ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර COPF විසින් භාණ්ඩාගාරයෙන් සවිස්තර වාර්තාවක් කැඳවා තිබුණි.
එම වාර්තාව පසුගිය සතියේ පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර ඇති අතර, පසුව එය කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වෙතද බෙදා හැර තිබූ බව සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.



