ප්‍රධාන පුවත්

FBI කණ්ඩායමක් ශ්‍රී ලංකාවට ආවා යැයි පළවන වාර්තා අසත්‍යයි

මහා භාණ්ඩාගාරයට අයත් බව කියන ඇමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් සම්බන්ධ විමර්ශනයකට සහාය වීම සඳහා ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) නිලධාරී කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවට පළ වූ මාධ්‍ය වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව අමෙරිකානු තානාපති කාර්යාලය නිවේදනය කර තිබේ.

එම තානාපති කාර්යාලයේ ප්‍රකාශිකාවක් සඳහන් කර ඇත්තේ, එවැනි විශේෂ FBI කණ්ඩායමක් මෙරටට යොමු කර නොමැති බවයි.

ඇය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, විවිධ රටවල සාමාන්‍ය ක්‍රියාපටිපාටියක් ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමේ සහයෝගීතා කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා තානාපති කාර්යාලවල FBI නීති අනුයුක්තික නිලධාරියෙකු කටයුතු කරන බවය.

මෙවැනි සංවේදී විමර්ශන පිළිබඳ තොරතුරු වාර්තා කිරීමේදී නිවැරදිභාවය සහ වගකීම අතිශයින් වැදගත් බව ද අමෙරිකානු තානාපති කාර්යාලය අවධාරණය කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button