ප්‍රධාන පුවත්

ගල් අඟුරු හිඟය ගැන බලශක්ති ඇමතිගෙන් සහතිකයක්

ගල් අඟුරු හිඟය හේතුවෙන් නොරොච්චෝලේ විදුලි උත්පාදනය සීමා කළත් විදුලි කප්පාදුවක් නැ

ගල් අඟුරු සංචිත අඩුවීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි උත්පාදනය සීමා කර ඇතත්, ප්‍රමාණවත් ජල විදුලි උත්පාදනයක් සිදුකෙරෙන බැවින් විදුලි සැපයුමට බාධාවක් ඇති නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.

ගල් අඟුරු සංචිත අවම මට්ටමකට පැමිණීම හේතුවෙන් නොරොච්චෝලේ බලාගාරයේ විදුලි නිෂ්පාදනය සීමා කිරීමට සිදුව ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ගල් අඟුරු රැගත් නෞකා දෙකක් ඉදිරියේදී මෙරටට පැමිණීමට නියමිතව තිබේ. එහි පළමු නෞකාව හෙට (04) දිවයිනට පැමිණීමට නියමිත අතර, දෙවන නෞකාව ලබන 12 වැනිදා පැමිණීමට නියමිත බව සඳහන්ය.

එම නෞකා මගින් ගල් අඟුරු ගොඩබෑමෙන් අනතුරුව නොරොච්චෝලේ බලාගාරයේ ගල් අඟුරු මගින් විදුලි උත්පාදනය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පැවසීය.

පවතින තත්ත්වය හමුවේ විදුලි කප්පාදුවක් සිදුකිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බැවින් ජනතාව ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගත යුතු බවද අනුර කරුණාතිලක මහතා අවධාරණය කළේය.

මේ අතර, ගල් අඟුරු සංචිත ප්‍රමාණවත් නොවීම හේතුවෙන් මේ වනවිට විදුලි උත්පාදන ක්ෂේත්‍රය බරපතළ ගැටලුවකට මුහුණදී ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා පවසයි.

විදුලි ගාස්තු ඉහළ දැමීමක් සිදු නොකරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලා සිටීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button