ප්‍රධාන පුවත්

සිවරාසා අනෝජන්ට සමාව ඉල්ලා රජයෙන් රාජ්‍යතාන්ත්‍රික මැදිහත්වීමක් – ජනපති

සිවරාසා අනෝජන්ට සමාව ලබා ගැනීම සඳහා රජය නීතිමය සහ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් උපරිම මැදිහත්වීමක් සිදුකරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

සෞදි අරාබියේදී මරණ දඬුවම නියමවී සිටින සිවරාසා අනෝජන්ගේ දෙමාපියන් අද (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවේදී මේ බව ප්‍රකාශ කර තිබේ.

එහිදී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, අනෝජන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමේදී නීතිමය මෙන්ම රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේද මැදිහත්වීමට රජය කටයුතු කරන බවය.

එමෙන්ම සෞදි රජුගෙන් මෙම දඬුවම සම්බන්ධයෙන් සමාව ලබාදෙන ලෙස රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ලිඛිත ඉල්ලීමක් ඉදිරිපත් කිරීමටද පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

මේ අතර, අභියාචනා ඉදිරිපත් කිරීම ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශය මගින් මේ වනවිට නිල වශයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව අනෝජන්ගේ දෙමාපියන් දැනුවත් කිරීමටද කටයුතු කර තිබේ.

අදාළ කටයුතු පිළිබඳව රජය නිරන්තරයෙන් සහ සමීපව අවධානය යොමු කරමින් අධ්‍යයනය කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන් වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button