ප්‍රධාන පුවත්

පාස්කු නඩුවේ තීන්දුව අද (22) – අධිකරණයට දැඩි ආරක්ෂාවක්

පාස්කු නඩුවේ තීන්දුව අද (22) පෙරවරුවේ අලුත්කඩේ මහාධිකරණයේදී ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. ඒ හේතුවෙන් අධිකරණ පරිශ්‍රයට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යෙදවීමට පොලිසිය කටයුතු කර ඇත.

ඒ සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් අලුත්කඩේ අධිකරණ පරිශ්‍රයට අනියුක්ත කර ඇති බව වාර්තා වේ.

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයට අදාළව කුමන්ත්‍රණය කිරීම, ඊට ආධාර හා අනුබල දීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව මෙම නඩුව පවරා තිබේ. එම චෝදනා සංඛ්‍යාව 23,270කට අධික බව සඳහන් වේ.

නවරත්න මාරසිංහ, රාමනාදන් කන්නන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් අද පෙරවරුවේ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතය.

නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 24 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති මෙම නඩුවේදී පැමිණිලිකරුවන් 2,309 දෙනෙකු සාක්ෂි ලබාදී තිබේ.

පසුගිය අගෝස්තු 24 වනදා නඩුවේ සාක්ෂි විමසීම අවසන් කර ඇති අතර, අවසන් තීන්දුව අද දිනයේ ප්‍රකාශයට පත්කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මීට පෙර දැනුම් දී තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button