
ජාත්‍යන්තර කාන්තා දිනය අද – මෙය ලොවම කාන්තාවන්ගේ ජයග්‍රහණ සමරන දිනයයි
ලොව පුරා කාන්තාවන්ගේ ජයග්‍රහණ හා අයිතිවාසිකම් සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය අද (08) දිනට යෙදී තිබේ.
කාන්තාවන් සමාජීය, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනික ක්ෂේත්රවල ලබා ඇති සාර්ථකත්වයන් ඇගයීමටත්, ස්ත්‍රී-පුරුෂ සමාජභාවී සමානතාවය ප්‍රවර්ධනය කිරීමටත් මෙම දිනය වෙන් කර ඇත. එය සරල සැමරුමක් පමණක් නොව, කාන්තා අයිතිවාසිකම් සඳහා හඬ නැගීම සහ සමාජ අවධානය යොමු කිරීම සඳහා ගෝලීය ව්‍යාපාරයක් ලෙසද සැලකේ.
ඉතිහාසය අනුව පළමු කාන්තා දිනය 1909 පෙබරවාරි 28 වනදා අමෙරිකාවේදී සමරනු ලැබූ බව සඳහන් වේ. 1910 වසරේදී ජර්මානු සමාජවාදී ක්‍රියාකාරිනියක වූ ක්ලාරා සෙට්කින් විසින් එය ජාත්‍යන්තර දිනයක් ලෙස නම් කිරීමේ යෝජනාව ඉදිරිපත් කළාය. පසුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මාර්තු 08 වනදා නිල වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ප්‍රකාශයට පත් කළ බව වාර්තා වේ.
මෙම දිනය නිරූපණය කිරීමට ලෝකය පුරා ප්‍රධාන වශයෙන් භාවිතා කරන වර්ණ තුනක්ද ඇත. දම්, කොළ සහ සුදු වර්ණ ඒවාය. එහිදී දම් පැහැය යුක්තිය හා ගෞරවය සංකේතවත් කරන අතර කොළ පැහැය බලාපොරොත්තුව නිරූපණය කරයි. සුදු පැහැය පිරිසිදුභාවය සංකේතවත් කරන බව සඳහන් වේ.
එමෙන්ම ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පැවසුවේ “සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාකාරීත්වය” යන තේමාව යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන බවයි.
එවැනි දිනකදී අප රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන්ගේ දායකත්වය නව දෘෂ්ඨි කෝණයකින් අගය කිරීම වැදගත් බවද ඇය පෙන්වා දී තිබේ. අතීතයේ ස්ත්‍රී-පුරුෂ සමාජභාවය මත අවස්ථා සීමා වූ සමාජයකින් අද කාන්තාවන්ට සමාන අවස්ථා හිමි වන සමාජයක් බිහිකිරීමට වැදගත් පියවර රැසක් මේ වනවිට ගෙන ඇති බවද අමාත්‍යවරිය සිය පණිවිඩයෙන් සඳහන් කර ඇත.
අමාත්‍යවරියගේ සම්පූර්ණ සුබ පැතුම් පණිවිඩය පහතින්,
ලොව පුරා ස්ත්‍රීත්වය සැමරෙන ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
සියලු කාන්තාවන් සහ ගැහැණු ළමයින් සඳහා අයිතිවාසිකම්. යුක්තිය. ක්‍රියාකාරීත්වය යන්න තේමා කරගනිමින් ජාත්‍යන්තර කාන්තා දිනය සැමරෙන අද වැනි දිනක අප රටේ ලක්ෂ සංඛ්‍යාත කාන්තාවන් පිළිබඳ නැවුම් දෘෂ්ඨි කෝණයකින් දකින්නට උත්සහ කිරීම වැදගත් වේ.
ස්ත්‍රී – පුරුෂ සමාජභාවය මත සුදුසු නුසුදුසු බව සහ ධාරිතාවය තීරණය කරන ලද අතීතයකට අප හිමිකම් කියුවෙමු. නමුත් මෙම මොහොත වන විට අවස්ථා ඉදිරියේ කාන්තාවක් වීම ප්‍රශ්න නොකෙරෙන සමාජයක් වෙනුවෙන් අපි සාධනීය පියවර රාශියක් තබා ඇත්තෙමු.
අද වන විට ප්‍රවාහන සහ ගමනගමන ක්ශේත්‍රය තුළ, සංචාරක සහ හෝටල් කර්මාන්තය තුළ, නිශ්පාදනීකරණය සහ සැපයුම්කරණය යන ක්ශේත්‍ර තුළ කාන්තා නියෝජනය දක්නට ලැබීම භූමි ප්‍රමාණය පරයා සමාජයීය දැක්ම පුළුල් වී ඇති බවට නිදසුනකි.
එසේ වුවද මේ පොළොව මත මුණගැසෙන බොහොමයක් කාන්තාවන් ව්‍යවසායිකාවක, සේවා සපයන්නියක, රජයේ හෝ පෞද්ගලික අංශයේ වෘත්තීන්හි නියැලෙන්නියක, විදෙස්ගත රැකියාවක නිරත වන්නියක යන කවර භූමිකාවක සිටින කාන්තාවක වුව ද දවස අවසානයේ නිවෙස් තුළ මූල්‍යමය වශයෙන් අගය නොකළ වැටුප් නොලබන සුරැකුම් ශ්‍රමයේ නිරත වන්නෝය.
ඒ අනුව කාන්තාවන්ගේ මෙම සුරැකුම් ශ්‍රමය සඳහා නිසි වටිනාකමක් ලබා දෙමින් ඇයව පවුලේ බර දරන්නියකට සීමා නොකර ඇය රටේ ආර්ථිකයේ සක්‍රීය හවුල්කාරිය බවට පත් කිරීම අප වගකීමක් සේ සළකන්නෙමු.
“පොහොසත් රටක අබිමන – ඇය වේ දැයක පෙර මග” යන්න මෙවර ජාතික තේමාව ලෙස තෝරා ගැනෙන්නේ ද එනිසාවෙනි.
කාන්තාව නිසි ගෞරවයට පාත්‍ර වන සමාජයක් ගොඩනැගීම මගින් ඇයට තීරණ ගැනීමේ ක්‍රියාවලියේ දී සම අයිතිය හිමිවන බව අප විශ්වාස කරන අතර, ඒ වෙනුවෙන් වන ප්‍රතිපත්තිමය සහ ව්‍යූහාත්මක බාධා ඉවත් කරමින් ඇයට ලෝකය තරණය කිරීමේ නව මං පෙත් විවර කරන්නට අප බැඳී සිටින්නෙමු.
“පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ සංවර්ධනය යනුවෙන් අර්ථකතනය කරනු ලැබුවේ ආර්ථික දර්ශක ඉහළ නැංවීම පමණක් නොව, සෑම පුරවැසියෙකුටම ගෞරවනීය ජීවිතයක් උරුම කර දීමයි.
රජයක් ලෙස අප කැප වන්නේ ග්‍රාමීය කාන්තාව හෝ නාගරික කාන්තාව ලෙස බෙදා වෙන් නොකළ අභිමානවත් ශ්‍රී ලාංකීය කාන්තාවක් ගොඩ නැගීම වෙනුවෙනි.
ආදරය, මානව දයාව සහ අන්‍යොන්‍ය ගෞරවය ගෝලීය අවශ්‍යතාවයක්ව පවතින අවස්ථාවක ශ්‍රී ලාංකික පුරවැසියන් ලෙස “කාන්තාවෝ ද මනුෂ්‍යයෝය ය” උත්තරීතර දැක්ම අප හදවත් තුළ තැන්පත් කර ගැනීමටත් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමටත් 2026 ජාත්‍යන්තර කාන්තා දිනය අපි අවස්ථාවක් බවට පත්කරගනිමු.
කාන්තාවන්ට ජය !



