ප්‍රධාන පුවත්

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වලට රතු ගංවතුර නිවේදන

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම්වලට රතු ගංවතුර නිවේදනය

මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව රතු අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

මෙම රතු නිවේදනය අගෝස්තු 5 වැනිදා පස්වරු 1.00 දක්වා බලපැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය, ඉදිරි දිනවල තවදුරටත් වැසි අපේක්ෂා කිරීම සහ කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම හේතුවෙන් මෙම අවදානම මතුව ඇති බව ද වාර්තා වේ.

ඒ අනුව උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොලුව, කොත්මලේ, පස්බාගේ කෝරළය, ගඟ ඉහළ කෝරළය, පඹාගේ කෝරළය, ගඟවට කෝරළය, හාරිස්පත්තුව සහ පාතදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවල ජනතාව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

එමෙන්ම මහවැලි ගඟට ආසන්න පහත්බිම්වල පදිංචිකරුවන් අවශ්‍ය ආරක්ෂිත පියවර කල්තියා ගෙන, ගංවතුර තත්ත්වයක් ඇතිවුවහොත් නිලධාරීන්ගේ උපදෙස් අනුව කටයුතු කරන ලෙස ද ඉල්ලා සිටී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button