කාලගුණය

අද කාලගුණය අනාවැකිය : ප්‍රදේශ කිහිපයකට වැසි

අද කාලගුණය

අද (25) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයකට වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිකුත් කළ නවතම කාලගුණ අනාවැකියට අනුව, දිවයිනේ සෙසු බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් පවතිනු ඇත.

මේ අතර උතුරු සහ උතුරු-මැද පළාත්වල මෙන්ම හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ පුත්තලම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයකින් තරමක තද සුළං හමන බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button